සියල්ලෝම වියට්නාම් වැසියෝ



ලන්ඩන් නුවර ට‍්‍රක් රියෙන් හමුවුණු මළසිරුරු සියල්ලම අනවසරයෙන් බි‍්‍රතාන්‍යයට පැමිණීමට උත්සාහ ගත් වියට්නාම් ජාතිකයන් බව මේ වනවිට තහවුරු වී ඇත.

ලන්ඩන් පොලිසිය මේ බව තහවුරු කළේ, මළසිරුරු සියල්ල හඳුනාගෙන අවසන් වීමෙන් පසුවය. මළසිරුරු හමුවූයේ පසුගිය 23 වැනිදාය. පිරිස මියගොස් සිටියේ කන්ටේනර් ට‍්‍රක් රියක කන්ටේනර් පෙට්ටිය තුළය. ඔවුන් අධික සීතල නිසාත් හුස්ම ගැනීමට නොහැකි වීම නිසාත් මියගිය බව ද පැවැසෙයි.

මියගොස් සිටි 39 දෙනාගෙන් 31 දෙනකු පිරිමින් බවත් සෙසු පිරිස ගැහැනුන් බවත් පැවැසෙයි. ඔවුන් චීන ජාතිකයන් බව මූලික පරීක්ෂණවලදී පැවැසිණි. කෙසේ නමුත් පසුව අනාවරණය වූයේ ඔවුන් වියට්නාම් ජාතිකයන් බවය.

මළසිරුරු හමුවීමත් සමඟ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් ද තොරතුරු රැුසක් අනාවරණය විය. ඒ අනුව, ට‍්‍රක් රියේ රියැදුරු ඇතුළු පුද්ගලයන් කීප දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි.

ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS