සිය ගණනක් හිරේ



පාරිසරික නීති උල්ලංඝනය කිරීමට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වූ චීනයේ රාජ්‍ය නිලධාරීන් සිය ගණනකට සිර දඬුවම් නියම කර තිබේ.

චීන පරිසර අමාත්‍යංශය සඳහන් කළේ, සිය පරීක්ෂාවන් අතරතුර අනාවරණය වූ පාරිසරික නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් රාජකාරිය පැහැර හැරීමේ චෝදනා මත ඔවුන්ට සිර දඬුවම් නියම කර ඇති බව ය.

එරට පළාත් 10ක පරිසර නිලධාරීන් 4305 දෙනෙකුට එරෙහිව රාජකාරිය පැහැර හැරීම යටතේ චෝදනා ගොනු කර ඇති බව ද චීන පරිසර අමාත්‍යංශය සඳහන් කළේ ය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS