සිඩ්නි නුවර දරුණු ගංවතුර තත්ත්වයක්



නොකඩවා ඇද හැලෙන්න වූ මහ වැසි හේතුවෙන්, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සහ ඊට වයඹදෙසින් පිහිටි පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බවත්, දහස් ගණනින් සිඩ්නි වැසියන්ට උන්හිටිතැන් අහිමි වී ඇති බවත් වාර්තා වේ.

සිඩ්නි අයත් වන්නේ ඕස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයටය. ඕස්ට්‍රේලියා කාලගුණ විද්‍යාඥයන් පවසා ඇත්තේ වසර 100 කට පසු එරටින් වාර්තා වන දරුණුතම ජල ගැලීම් තත්ත්වය මෙය බවය.

නේපියන් සහ හේක්ස්බරි නමැති ගංගං පිරී උතුරා යෑමට පටන් ගත් බවත්, සිඩ්නි වැසියන්ට පානීය ජලය ලබාදීම සිදුවන වරගම්බා වේල්ල පිටාර ගැලීමට පටන් ගත් බවත් වාර්තා වේ.

නිවාස අහිමිවුණු වැසියන් සහන කඳවුරු වෙත යොමු කිරීම සිදුවූයේ සහන සේවකයන් සහ හමුදා සොල්දාදුවන්ගේ උදව්වෙනි. නිව් සවුත් වේල්ස් මහ ඇමැතිනිය ග්ලැඩිස් බෙරෙක්ලියාන් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබේ.

ජල ගැලීම් හේතුවෙන් නිවාසවල කොටුවුණු පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් ඊයේ (21) දිනය පුරාවට සිදුවුණු බව ද පැවැසෙයි.

සිඩ්නි නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS