සැප නැවේ ආසාදිතයන් ගණන 64 ට නගී



ජපානයේ ටෝකියෝ නුවර යොකොෂිමා වරායේ නිරෝධානය කළ සුඛෝපබෝගී කෲස් නෞකාවේ සිටින කොරෝනා ආසාදිතයන් ගණන අද (8) වනවිට 64 තෙක් ඉහළ ගොස් ඇතැයි ජපන් සෞඛ්‍ය බලධාරීහු පැවැසූහ.

කොරෝනා වයිරස රෝගීන් හමුවී ඇත්තේ ‘ඩයමන්ඞ් ප්‍රින්සෙස්’ නමැති කෲස් නෞකාවෙනි. ආසාදිතයන් අතර චීන ජාතිකයන් පමණක් නොව ඇමෙරිකානුවන් ද සිටින බව ජපන් සෞඛ්‍ය අමත්‍යාංශය වැඩිදුරටත් පවසා තිබේ.

නැවේ සිටින කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු මගීන් ගණන 279 කි. ඔවුන් සියලුම දෙනා නැවේ කුටිවලට සීමා කර ඇති අතර, නැවෙන් පිටවීම තහනම් කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS