සැකකරුවන්ට වධදීමේ ට්‍රම්ප් ප්‍රතිපත්තියට දොස්



ත්‍රස්ත සැකකරුවන් ලෙස අල්ලා ගන්නා පුද්ගලයන් චෝදනා ඉදිරිපත් කිරීමකින් හෝ නඩු පැවරීමකින් තොරව, රඳවා තබාගෙන වධ බන්ධනයට ලක් කරමින්, ඔවුන්ගෙන් තොරතුරු ලබා ගැනීම ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කළ යුතු යැයි නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇති අතර, මෙය ජගත් මානව හිමිකම් සුරැකීමේ සංවිධානවල දැඩි දෝෂදර්ශනයට හේතුවක් වී ඇත.

ත්‍රස්ත සැකකරුවන් වධ බන්ධනයට ලක් කරමින්, ඔවුන් රඳවා තබා ගැනීම කළ යුතු යැයි ට්‍රම්ප් සිය මැතිවරණ රැලිවලදී ද පවසා තිබුණි. එවැනි සැකකරුවන්ට බුරුලක් දීම නිසා ඇමෙරිකාවට තර්ජන රැසක් එල්ල වී ඇති බව ද ට්‍රම්ප් මැතිවරණ රැලිවලදී පෙන්වා දී තිබුණි.

ත්‍රස්ත සැකකරුවන් වධ බන්ධනයන්ට ලක් කරමින් ඔවුන්ගෙන් තොරතුරු ගැනීම සිදු කරනු ලබන්නේ ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන් විසිනි. ලොව රටවල් කිහිපයක සී.අයි.ඒ. සංවිධානය මෙසේ පවත්වාගෙන යන වධකාගාර පිහිටුවා ඇත. එම වධකාගාර හැඳින්වෙන්නේ ‘සී.අයි.ඒ. බ්ලැක් සයිට්ස්’ යනුවෙනි.

 

(රොයිටර්)


RECOMMEND POSTS