සාමයේ ඔලිම්පික්



දකුණු කොරියාවේ යොංග්චැංග් නුවර කෙන්ද්‍රකොට ගනිමින් පැවැත්වෙන 2018 සීත ඔලිම්පික් උලෙළ ‘සාමයේ ඔලිම්පික්’ උලෙළ ලෙස දේශපාලන විශ්ලේෂකයෝ හඳුන්වා දෙති.

ඊට හේතුව වී ඇත්තේ මෙම ඔලිම්පික් උලෙළත් සමඟ උතුරු කොරියාවත්, දකුණු කොරියාවත් අතර යහපත් සබඳතා නිර්මාණය වීමය. උතුරු කොරියානු රජය නියෝජනය කරමින්, නායන කිම් ජොන් උන්ගේ නැගණිය කිම් ජෝ යංග් ඇතුළු නියෝජිතයෝ පිරිසක් දකුණු කොරියාවට පැමිණ සිටිති.

ක්‍රීඩා උලෙළ සමාරම්භක අවස්ථාවට සමගාමීව එම පිරිස සහ දකුණු කොරියානු රජයේ නියෝජිතයන් අතර ‘සාම කතා’ පැවැත්විණි.
ඔලිම්පික් උලෙළ සමාරම්භක අවස්ථාවට, විශේෂ ආරාධිත අමුත්තකු ලෙස දකුණු කොරියාවේ මිතුරා වන ඇමෙරිකාව නියෝජනය කරමින් ඇමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස් සහ බිරිය සහභාගී වූහ.

කෙසේ නමුත් උතුරු කොරියානු බලධාරීන් මඟ හැර යෑමට ඇමෙරිකා උප ජනපතිවරයා සහ ඇමෙරිකන් නියෝජිත පිරිස කටයුතු කළේ යැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මෙවර ඔලිම්පික් උලෙළ සුවිශේෂත්වය වන්නේ, උතුරු සහ දකුණු කොරියාව, එක් වී, කොරියාව ලෙසින් සෙසු රටවලට එරෙහිව තරග වැදීමය. උතුරු සහ දකුණු කොරියාව මේ අයුරින් එකම ධජයක් යටතේ ක්‍රීඩා කිරීම සාමයේ මාවත විවර වීමක් යැයි දේශපාලන විශ්ල්ෂකයෝ පෙන්වා දෙති.

(රොයිටර්)

 


RECOMMEND POSTS