සාමකාමීව බලය අත්හරින්න ට්‍රම්ප් සූදානම් නෑ



නොවැම්බරයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් පරාජය වුවත්, ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සාමකාමීව ධුරය අත්හරිනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව ඇමෙරිකාවේ දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

‘දෙවැනි සහ අවසන් ධුරය වෙනුවෙන් ජනවරමක් හිමිවේවි යැයි ට්‍රම්ප් ලොකු විශ්වාසයකින් ඉන්නවා. ජනාධිපතිවරණයෙන් ඔහු ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ට පැරැදුනොත් එය ඔහුට දරා ගැනීමට නොහැකි වේවි. ට්‍රම්ප් ප්‍රජාතන්ත්‍රවාදයට හිස නමා සාමකාමී අයුරින් ධුරයෙන් ඉවත් වේවි යැයි විශ්වාස කරන්න අමාරුයි’ යැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.
තැපැල් ඡන්ද හරහා, ඡන්ද වංචා සිදුවේවි යැයි ට්‍රම්ප් දිගින් දිගටම චෝදනා කරයි. මේ නිසා යම් හෙයකින් ට්‍රම්ප් පරාජය වුවහොත්, ඔහු ඡන්ද ප්‍රතිඵල අභියෝගයට ලක් කරමින්

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහාය පතනු ඇතැයි ද දේශපාලන විශ්ලේෂකයෝ වැඩිදුරටත් කියා සිටිති.
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඇමෙරිකාවේ ව්‍යාප්තවීම සහ ඇමෙරිකාවේ සුදු කළු ගැටුම් පාලනය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ජනාධිපති ට්‍රම්ප් ඇමෙරිකානුවන් බොහෝ දෙනාගේ අප්‍රසාදයට පත් වී සිටී. ජනමත සමීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් ජයග්‍රහණය කරනු ඇති බවය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS