සාම තෑග්ගට ට්‍රම්ප් බෑණාගේ නම යෝජනා වෙයි



මෙම 2021 වසරේ නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන්, ධුරයෙන් සමුගත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණා වන ජෙරාඩ් කුෂ්නර්ගේ නම යෝජනා වී ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා ඊයේ (1) වාර්තා කළේය.

ජෙරාඩ් කුෂ්නර් පමණක් නොව, ඔහුගේ බිරිඳ මෙන්ම ට්‍රම්ප්ගේ පළමු කසාදයේ දියණිය ද වන ඉවන්කා ද ට්‍රම්ප්ගේ උපදේශකවරුන් ලෙස සේවය කළහ.

ඊශ්‍රායල පලස්තීන මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදයට විසඳුම් සෙවීමට, ට්‍රම්ප් පත් කළ විශේෂ නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන්නේ කුෂ්නර්ය.

එම නියෝජිත කණ්ඩායමට එක් වෙමින් කුෂ්නර්ගේ දෙවැනියා ලෙස කටයුතු කළේ මැද පෙරදිග කලාපයේ විශේෂ නියෝජිතවරයා ලෙස පත් කළ අවී බර්කෝවිට්ස්ය. කුෂ්නර් පමණක් නොව, මෙවර නොබෙල් තෑග්ග සඳහා බර්කෝවිට්ස්ගේ ද නම යෝජනා වී තිබේ.

ඊශ්‍රායලය සහ අරාබි රටවල් කීපයක් අතර යහපත් සබඳතා නිර්මාණය වූයේ කුෂ්නර්ගේ මැදිහත් වීමෙනි. ඊශ්‍රායලය සමඟ යහපත් සබඳතා ආරම්භ කළ රටවල් වන්නේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, බහරේනය, සුඩානය සහ මොරොක්කෝවය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS