සසෙක්ස් ආදිපාදවරයා සහ ආදිපාදවරිය



හැරී කුමරුන්ට සහ ඔහුගේ බිරිඳ මේගන් මාකෙල්ට ඔවුන්ගේ මිත්තණිය දෙවැනි එලිසබත් මහ රැජිනගෙන් පසුගිය 19 වැනිදා (මංගල දිනය දා) අපුරූ තෑග්ගක් හිමිවිය.

හැරී කුමරුගේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ටෙලි නිළියක වන මේගන් මාකෙල් විවාහයට පත් වීමට පැය කිහිපයකට පෙර දෙවැනි එළිසබෙත් මහ රැජින හැරී කුමරු සසෙක්ස්හි ආදිපාදවරියා ලෙස නම් කළාය.

ඒ අනුව වසර 175කට පසු සසෙක්ස්හි දෙවැනි ආදිපාදවරයා බවට පත්වීමට හැරී කුමරුන්ට අවස්ථාව හිමි වූ අතර සසෙක්ස්හි පළමු ආදිපාදවරිය වීමට මේගන් මාකෙල් වරම් හිමිකරගත්තාය.

ආදිපාද තනතුර යනු බ්‍රිතාන්‍ය රදළ පෙළපතේ ඉහළම තනතුරය.

සසෙක්ස් යනු ගිනිකොනදිග එංගලන්තයේ තරමක ග්‍රාමීය එහෙත් ඓතිහාසික පසුබිමක් සහිත ප්‍රාන්තයකි. එහි මිලියන 1.6කට ආසන්න ජනතාවක් ජීවත්වෙති. සසෙක්ස් යනු ප්‍රංශ උරුවක් සහිත දකුණු සැක්සන්වරුගෙන් පැවැත එන නාමයකි.

වසර 1141 සිට සසෙක්ස්හි අර්ල්වරුන් සිටියත් 1801 දී එය ආදිපාද දනව්වක් එසේත් නැතිනම් ආදිපාදවරයාට අයත් ප්‍රදේශයක් වශයෙන් නම් කළේය. තෙවැනි ජෝර්ජ් රජු සයවැනි පුතු වූ ඔගස්ටස් ෆෙඩ්රික් හට සසෙක්ස්හි පළමු ආදිපාදධුරය පිරිනැමීය.

ඉන් අනතුරුව වික්ටෝරියා රැජින 1874 දී සිය තෙවැනි පුත් ආතර් කුමරු සසෙක්ස්හි අර්ල්වරයා ලෙස නම් කළාය. වසර 1943 දී ආතර් කුමරුගේ මුණුපුරා මියයෑමත් සමඟ සසෙක්ස්හි අර්ල් තනතුර නෂ්ට වී ගියේය.

මේ ආකාරයෙන්ම 2011 වසරේදී විවාහයට පැය කිහිපයකට පෙර විලියම් කුමරු කේම්බ්‍රිජ් හි ආදිපාද ලෙස නම් කිරීමට ද දෙවැනි එළිසබෙත් රැජින කටයුතු කර තිබිණි.

මෙම ඡායාරූපයේ සිටින්නේසසෙක්ස්හි පළමු ආදිපාද ඔගස්ටස් කුමරු

හර්ෂණ තුෂාර සිල්වා
(ඩේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS