සවිස්තර සාකච්ඡා



ඉරානයෙන් තෙල් ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සවිස්තර සාකච්ඡාවක් පැවැත්වූ බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

ඉරානයෙන් තෙල් ආනයනය කිරීම සම්පූර්ණයෙන් නවත්වන්නැයි ඇමෙරිකා එක්ස්ත ජනපදය, ඉන්දියාවෙන් ඉල්ලා ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදය, ‘ඉරාන න්‍යෂ්ටික ගිවිසුම 2015’න් ඉවත් කරගැනීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගිය මැයි මාසයේදී පියවර ගත්තේය.

ඉරානය සහ ලෝක බලවතුන් හය දෙනකුගේ මැදිහත් වීමෙන් අත්සන් තබන ලද ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අත්සන් තැබූ අවස්ථාවේදී ඉරානයට පනවා තිබූ සම්බාධක කිහිපයක් ඉවත් කළේය. එම සම්බාධක ද ඇතුළුව ඉරානයට තවත් සම්බාධක රැසක් පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගිය මාසයේදී කටයුතු කළේය. එතැන් පටන් ආර්ථික වශයෙන් ඉරානය හුදෙකලා කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගනිමින් සිටී.

“ඉරානයෙන් තෙල් ආනයනය කිරීම නවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලා සිටිනවා. ඉන්දියාවෙන් පමණක් නෙමෙයි අපි අපේ සියලු පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. එය අපේ සාකච්ඡාවල කොටසක් වේවි” යැයි නිලධාරියෙක් පැවැසීය. දෙරටේ විදෙස් සහ ආරක්ෂක ප්‍රධානීන් ඉන්දියාවේ අගනුවරදී හමු වී සාකච්ඡා පවත්වන අවස්ථාවේදී එම නිලධාරියා ඒ බව කීවේය.

හර්ෂණ තුෂාර සිල්වා
රොයිටර්


RECOMMEND POSTS