සබ්මැරීනය පුපුරා යෑම රාජ්‍ය රහසක්



රහස් මෙහෙයුමකට සම්බන්ධ වී සිටි රුසියාවට අයත් කුඩා ප්‍රමාණයේ න්‍යෂ්ටික සබ්මැරීනයක් පසුගිය පළමු වැනිදා හිටිහැටියේ ගිනිගෙන පුපුරා ගියේය.

සබ්මැරීනය ගිනිගෙන පුපුරා යෑම සම්බන්ධයෙන් හෝ සබ්මැරීනයේ මෙහෙයුම සම්බන්ධයෙන් හෝ විස්තර ප්‍රසිද්ධියට පත් කළ නොහැකි බවත්, ඒවා රාජ්‍ය රහස් බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.
සබ්මැරීනය පුපුරා යෑමෙන් රුසියානු නාවික හමුදා සාමාජිකයෝ 14 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

ජීවිතක්ෂයට පත් වුණු එම නාවික හමුදා සාමාජිකයන්ගේ නම් සහ ඡායාරූප රුසියානු රජය ප්‍රසිද්ධියට පත් කර ඇති බව ද පැවැසෙයි.

මොස්කව්හිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS