සබඳතා කාර්යාලයක් උතුරු කොරියාවේ



උතුරු කොරියාව සමඟ ආරම්භ කළ යහපත් සබඳතා වැඩි දියුණු කර ගැනීමේ අරමුණින්, උතුරු කොරියාවේ රාජ්‍ය සබඳතා කාර්යාලයක් විවෘත කිරීමට දකුණු කොරියා රජය කටයුතු කළේය.

මෙම ‘රාජ්‍ය සබඳතා’ කාර්යාලය විවෘත කෙරුණේ ලබන සතියේ පැවැත්වෙන උතුරු කොරියා සහ දකුණු කොරියා නායක හමුවට පෙරමඟ සකස් කිරීමක් ලෙස යැයි ද පැවැසෙයි.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් යළි හමුවන්නේ දෙවැනි වරටය. පළමු හමුව දකුණු කොරියා ජනාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් දෙරටේ දේශසීමාවේ පැවැත්විණි.

මෙම දෙවැනි හමුව පැවැත්වෙන්නේ උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවරදීය. ඒ අනුව, දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්ගේ උතුරු කොරියා සංචාරය ඓතිහාසික එකක් වනු ඇත.
රාජ්‍ය සබඳතා කාර්යාලය පිහිටුවූයේ උතුරු කොරියා සහ දකුණු කොරියා දේශසීමාවේ උතුරු කොරියාවට අයත් ක්සොන් නගරයේය. මේ අයුරින් දකුණු කොරියා ‘රාජ්‍ය සබඳතා’ කාර්යාලයක් උතුරු කොරියාවේ විවෘත වූයේ 1945 වසරේ අවසන් වුණු දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS