සංක්‍රමණික යාත්‍රාවක් පෙරැළී 58 ක් මියයති



අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් බටහිර අප්‍රිකාවට අයත් මොරිෂානියාවට ඔබ්බෙන් අත්ලාන්තික් සාගරයේ අනතුරට පත් වීමෙන් කාන්තාවන් සහ කුඩා දරුවන් ද ඇතුළු 58 දෙනෙක් මියගියහ.

බෝට්ටුව පෙරැළී යන්න ඇත්තේ එහි පමණ ඉක්මවා පිරිසක් ගමන් කළ නිසා යැයි පැවැසෙයි. පෙරැළි යද්දී එහි 150 ක පිරිසක් සිටි බව  එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයන් පිළිබඳ ඒජන්සිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. යාත්‍රාව පසුගිය 27 වැනිදා ගැම්බියාවෙන් පිටත් වූ බව ද මේ වනවිට අනාවරණය වී ඇත.

ඇතන්ස්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS