ශාකසාර ඖෂධ අත්හදා බැලීමට අනුමැතිය



නව කොරෝනා වයිරසය සහ අනෙකුත් වසංගත රෝගවලට ප්‍රතිකාර සොයාගැනීම සඳහා අප්‍රිකාවේ ශාකසාර ඖෂධ පරීක්ෂා කර බැලීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි ව තිබේ.

මේ අනුව ශාකසාර භාවිත කරමින් සකසා තිබෙන ඖෂධ තුන්වැනි අදියරේ සායනික පරීක්ෂණවලට යොදාගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසරය හිමිව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ තවත් සංවිධාන දෙකක විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් මෙම අවසර ලබා දී තිබේ.

ඊට අමතරව විශේෂිත කමිටුවකින් මෙම සායනික පරීක්ෂණවල දත්ත, එම ඖෂධ භාවිතයෙන් ඇති විය හැකි අතුරු ආබාධ, ආරක්ෂාව යනාදී කරුණු රැසක් සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන අතර අවසන් නිගමන හා විශ්ලේෂණ ද කරනු ඇත.

ඕනෑම ඖෂධයක සාර්කත්වය, ආරක්ෂාව සහ සඵලත්වය මැන බැලන්නේ මෙම තුන්වැනි මට්ටමේ සායනික පරීක්ෂණවලදී යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS