වෙලාවත් වෙනස් කරන්න යයි



පසුගිය 27 වැනිදා පැවැත්වුණු කොරායන් සාම සමුළුවේදී මිතුදම් වර්ධනය කර ගැනීමත් සමඟ උතුරු කොරියාව දකුණු කොරියාවේ වෙලාවට සමාන අයුරින් තම ඔරලෝසුව විනාඩි 30 ක් ඉදිරියට කරකැවීමට සූදානම් වෙයි.

2015 වසර තෙක් උතුරු කොරියාවේත් දකුණු කොරියාවේත් පැවැතියේ එකම වේලාවය. කෙසේ නමුත් උතුරු කොරියාව ඔවුන්ගේ වේලාව මිනිත්තු 30 කින් පස්සට කරකැවීමට පියවර ගත්තේය.

දැන් යළිත් වරක් පස්සට දැමුණු එම වේලාව ඉදිරියට දැමීමට උතුරු කොරියා නායක කිම් ජොන් උන් තීරණයක් ගෙන ඇත. ඒ, උතුරු සහ දකුණු වශයෙන් බෙදුණු රටවල් දෙක එකම රටක් ලෙස පිළිගනිමිනි.

(රොයිටර්)


RECOMMEND POSTS