වෙනුසියුලාවේ මානුෂීය අර්බුදයක්



ලොව දරුණුතම මානූෂීය අර්බුදයකට මුහුණදී සිටින රටක් බවට වෙනිසියුලාව පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටී.

ඛණිජ තෙල් සම්පතින් පොහොසත් රටක් ලෙස පැවැති වෙනුසියුලාව අමෙරිකාව ඇතුළු බටහිර රටවල සම්බාධක හමුවේ දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදී සිටිති.

එරට අන්ත දුප්පත් ජනගහණය සියයට 40 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම සංවිධානය  සදහන් කර සිටී.

එමෙන්ම උපත්, මරණ, සහ මන්ද පෝෂණය ද ඉහළ ගොස් ඇති අතර පසුගිය දෙවසර තුළ මිලියන ගණනක් ජනතාව රටින් පලාගොස් ඇත.

මේ අතර වෙනිසියුලානු දෙමාපියන් විසින් තම දරුවන් ඔවුන්ගෙන් වෙන්කොට සිගමනේ යෙදීම සඳහා මහා මාර්ග වෙත යොමු කර ඇති බව විදෙස් වාර්තා වල සඳහන් කර ඇත.

( තිළිණි ද සිල්වා )

කලීජ් ටයිම්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS