වෙනිසියුලාවේ ළමා මරණ ඉහළට !



වෙනිසියුලාවේ ළමා මරණ අනුපාතය ඉහළ ගොස් ඇතැයි එරට නිකුත් කළ නවතම වාර්තාවකින් සඳහන්වේ.

ළදරු මරණ සංඛ්‍යාව සියයට 30කින් ඉහළ ගොස් ඇති බව එම වාර්තා මගින් පෙන්වා දී ඇති බව වාර්තා වේ. මැලේරියාව, ඩිප්තීරියාව වැනි රෝග බහුලව ව්‍යාප්තව පවතින අතර ළදරු මරණ වලට ප්‍රධාන හේතුව මෙම රෝගී තත්ත්වයන් බව වාර්තා වේ.

වෙනිසියුලාව මුහුණ  දෙමින් සිටින දැඩි ආර්ථික අර්බුදය ද මීට හේතු වී ඇති බව වෙනිසියුලා මාධ්‍ය සඳහන් කර සිටී.

තිළිණි ද සිල්වා
(බී.බී.සී.)


RECOMMEND POSTS