වෙනිසියුලාවේ රැඳවුම් මධ්‍යස්ථානයක ගැටුමක්



වෙනිසියුලාවේ පෘතුගීසා ජනපදයේ පොලිස් ස්ථානයක් තුළ පිහිටි සැකකරුවන් රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගැටුමකින් එහි රඳවා තැබූ සැකකරුවෝ 29 ක් ජීවිතක්ෂයට පත්වූහ.

ගැටුම හටගත්තේ සැකකරුවන් සහ පොලිස් නිලධාරීන් අතරේය. ඒ, සැකකරුවන් කණ්ඩායම පලා යෑමට තැත් කළ අවස්ථාවේදී යැයි මාධ්‍ය වාර්තා කියයි.

මෙම මධ්‍යස්ථානයේ ඉඩකඩ ඇත්තේ 250 කට පමණක් බවත්, එහි 5040 දෙනකු එම අවස්ථාවේදී සිටි බවත් මානව හිමිකම් සුරැකීමේ සංවිධාන පෙන්වා දෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS