වෙනිසියුලා විපක්ෂ නායකයා ආපසු එයි



විදෙස් සංචාරයක නියැලුණු වෙනිසියුලා විපක්ෂ නායක යුවාන් ගුඅයිඩෝ යළි වෙනිසියුලාව බලා පැමිණියේය.

කැරුකස් අගනුවර ගුවන්තොටුපොළට පැමිණි විපක්ෂ නායක ගුඅයිඩෝ පිළිගැනීමට ඔහුගේ ආධාරකරැවන් බොහෝ දෙනකු පැමිණ සිටි බවත්, විපක්ෂ නායකවරයාට විශේෂ ආරක්ෂාවක් හිමිවුණු බවත් වෙනිසයුලා පුවත් සේවා වාර්තා කර තිබේ.

වෙනිසියුලාවේ ජනාධිපති නිකලස් මදුරෝ බටහිර රටවල අප්‍රසාදයට පත් වී ඇත. ඒ වෙනිසියුලා වැසියන් පීඩාවට පත් කරනවා යැයි චෝදනා කරමිණි. වෙනිසියුලාව වසර කීපයක පටන් ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටී. රජයට එරෙහිව විරෝධතා පැවැත්වෙන අතර විරෝධතාකරැවන් දරැණු ලෙස මර්දනය කිරීමට ජනපති මදුරෝ ප්‍රමුඛ රජය පියවර ගෙන ඇත.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල සහාය හිමිවන්නේ විපක්ෂ නායක  යුවාන් ගුඅයිඩෝටය. වෙනිසියුලා විපක්ෂ දේශපාලන කණ්ඩායම් පමණක් නොව බටහිර රටවල් ද වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති ලෙස නම් කර ඇත්තේ ගුඅයිඩෝ ය.
සම්බාධක පනවා ඇති බැවින් වෙනිසියුලා  ජනාධිපති නිකලස් මදුරෝට විදෙස් සංචාරවල නියැලීමට නොහැකිය.

විපක්ෂ නායකයා ලෙසත් අන්තර්වාර ජනාධිපතිවරයා ලෙසත් ගුඅයිඩෝ පසුගිය දා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැති ලෝක ආර්ථික සමුළුවට සහභාගී වූයේය.

කැරුකස්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS