වෙඩි තැබීමකින් 11 ක් මරුට



ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ජනපදයේ පිට්ස්බර්ග් නුවර යුදෙව් භක්තිකයන්ගේ සම්මුති ශාලාවක පැවැත්වුණු කුඩා දරුවකුගේ නම් තැබීමේ අවස්ථාවකට කඩා වැදුණු තුවක්කුකරුවකු කළ වෙඩි තැබීමකින් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

වෙඩි තැබීම කළ තැනැත්තා 46 හැවිරිදි සුදු ජාතික ඇමෙරිකානුවකු වන රොබට් බෝවර්ස් බවත්, වහා එම ස්ථානයට පැමිණි පොලිසිය පෙරලා කළ වෙඩි තැබීම්වලින් තුවාල ලැබූ බෝවර්ස් අත්අඩංගුවට ගත් බවත් වාර්තා වේ.

පිට්ස්බර්ග් නුවර යුදෙව්වන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු මෙම වෙඩි තැබීම තරයේ හෙලා දකින බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS