වීසා නැති දුම්රිය ගමනක්



ඉන්දියාව සහ නේපාලය අතර පළමු මගී දුම්රිය ධාවන කටයුතු ලබන දෙසැම්බර් මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ජයනගර් ප්‍රදේශය සහ නේපාලයේ ජනක්පූර් ප්‍රදේශය අතර මෙම මගී දුම්රිය ධාවනය වීමට නියමිතය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ කිලෝමීටර් 34ක දුරින් යුතු දුම්රිය මාර්ගයේ දෛනිකව දුම්රිය ගමන්වාර 04ක් පමණ සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.

දේශසීමා හරහා ගමන් කිරීමක් මෙහිදි සිදුවුව ද ඉන්දීය සහ නේපාල ජාතිකයින්ට ඒ සදහා වීසා ලබාගැනීම අවශ්‍ය නොවන බව ද බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

( තිළිණි ද සිල්වා )
හින්දුස්තාන් ටයිම්ස් ඇසුරෙනි


RECOMMEND POSTS