විශේෂ දේවමෙහෙයක්



මියන්මාරයේ සංචාරයක නියැළෙන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ එරට යැංගොන් නුවරදී විශේෂ දේව මෙහෙයක් පැවැත්වූහ.

දේව මෙහෙය පැවැත්වූයේ යැංගොන් නුවර පා පන්දු ක්‍රීඩා පිටියකය. බෞද්ධ රාජ්‍යයක් වන මියන්මාරයේ ජනගහනය මිලියන 51 කි. ඒ අතරින් ක්‍රිස්තියානු ප්‍රජාව ලක්ෂ 7 ක් පමණය.

පාප්තුමන්ගේ දේවමහෙයට සහභාගී වීමට පැමිණි වැසියන්ගෙන් ක්‍රීඩාංගනය අතුරුසිදුරු නැතිව පිරී ගියේය. මියන්මාර පුවත් සේවා වාර්තා කළේ 150,000 ක පිරිසක් දේවමෙහෙයට සහභාගීවුණු බවය.

පාප්තුමකු මියන්මාරයට පැමිණි පළමු අවස්ථාව මෙය විය. ෆ්‍රැන්සිස් පාප්තුමන් දැකගන්න ලැබීම සම්බන්ධයෙන් මියන්මාර ක්‍රිස්තියානු වැසියන් මහත් සේ සතුටට පත්ව සිටින බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS