විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් පිරිසක් කොල්ලකරුවන් පිරිසකට කොටුවෙයි



ඕහිඕ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා ඕමාන් ශිෂ්‍යයින් පිරිසක් කැලිෆෝකියාවේ නිවාඩුවක් ගතකිරීම සදහා යමින් සිටින අතරතුරදී සොරු කණ්ඩායමක් විසින් ඔවුන් සතු සියළු දේ සොරාගෙන ඇත.

මෙම ශිෂ්‍යයින් ලොස් ඇන්ජලීස්වල සිට පැමි‍ණෙන අතර වාරයේදි වෙහෙස නිවා ගැනීමට මෙන්ම රාත්‍රී ආහාරය ලබාගැනීමට සවස 7ට පමණ සැන් ෆැන්සින්කෝ හි පිහිටි අවන් හලකට ගොස් ඇත.  

ඔවුන් එම අවන්හල ආසන්යේ ඇති රථගාලක ඔවුන් පැමිණි වාහනය නතර කර ඇත. 

රාත්‍රී ආහාරය ලබාගැනීමෙන් අනතුරුව නැවත ගමන ආරම්භ කිරීම සදහා තම වාහනය නතර කර තිබූ ස්ථානයට පැමිණ ඇත.
එහිදී ඔවුන්ට සිතා ගැනීමටවත් නොහැකි දෙයක් සිදුවී ඇති බව ඔවුන්ට දැකගැනීමට හැකිවී ඇත.

ඔවුන් පැමිණි වාහනයේ විදුරු දොරවල් කඩා ඔවුන් සතුව තිබූ සියළු දේ සොරුන් විසින් සොරාගෙන ඇති බව දැක ගතහැකි විය. 

ගමන් මලු 4, ලැප්ටෙප් 1, ඩිජිටල් කැමරා 1, වටිනා ජංගම දුරකථන 1, වටිනා හෙඩ් සෙට් 1,ඇදුම් පැළදුම් සහ වටිනා ලිපිලේඛන සොරුන් විසින් සොරාගෙන ඇති බව මුසාබ් අල්-මස්රුයි නම් විශ්ව විද්‍යාල සිසුවා ප්‍රකාශ කලේය. 

ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රයක්ද සොරකම් කරගෙන ගොස් ඇති අතර අහම්බෙන් එම ස්ථානයෙන් ගමන් කල සෞදි ජාතිකයකුට එම  ගමන් බලපත්‍රය හමුවී එම සුද්ගලයා විසින් සිසුන්ට එය ලබාදී ඇත.  

මේ සම්බන්ධයෙන් සිසුන් විසින් පැමිණිල්ලක් කොට ඇති අතර ආරක්ෂිත කැමරා වල සටහන්වී ඇති දර්ශන භාවිතයෙන් අදාල සැකකරුවන් කවුරුන්ද යන්න සොයා ගැනීම සදහා පොලීසිය විසින් මේ වනවිටත් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත. 

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS