විරෝධතාකරුවෝ ට්‍රම්ප්ගේ සහාය ඉල්ලති



හොංකොං අර්බුදයට මැදිහත් වන්නැයි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හොංකොං පාලකයන්ට එරෙහිව විරෝධතා දක්වන විරෝධතාකරුවන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අවස්ථා කීපයකදී හොංකොං විරෝධතාකරුවන්ට පක්ෂව අදහස් දක්වා ඇත. පසුගිය දා හොංකොං නගර මධ්‍යයට රැස්වුණු විරෝධතාකරුවන් විරෝධතා පුවරු අතැතිව ඇමෙරිකන් ජාතික ගීය ගායනා කරමින්, ඇමෙරිකන් ජාතික ධජය වනන්න වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

හොංකොං හි පාලිකාව කැරී ලෑම් සහ පාලක මණ්ඩලය චීන හිතවාදීන් වන අතර, පසුගිය දා මහත් ආන්දෝලනයක් ඇති කළ නව උදර්පණ පනත් කෙටුම්පත චීනයේ අවශ්‍යතාව පරිදි සකස් කරන ලද්දක් විය. දිගින් දිගටම එල්ල වුණු විරෝධතා හමුවේ එම උදර්පණ පනත් කෙටුම්පත අවලංගු කිරීමට පාලිකා කැරී ලෑම් ඉකුත් සතියේ කටයුතු කළාය.

හොංකොංහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS