විරෝධතාකරුවන් හමුවී සාකච්ඡා කරන්න සූදානම්



දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලමින් විරෝධතා පවත්වන විරෝධතාකරුවන් හමුවී, සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයාත් චාන් ඕචා පවසා තිබේ.

තායිලන්තයේ බැංකොක් අගනුවර කේන්ද්‍රකොට ගනිමින් විරෝධතා පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍යවරයා හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවකය. මේ වනවිටත් දහසකට වැඩි විරෝධතාකරුවෝ පිරිසක් පොලිස් අත්අඩංගුවේ පසුවෙති.

විරෝධතා සංවිධානය කර ඇත්තේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම්ය. ඔවුන් චෝදනා කරන්නේ අග්‍රාමාත්‍ය අප්‍රයාත් චාන් ඕචා ප්‍රමුඛ රජය ඒකාධිපති පාලනයකට යොමු වී කටයුතු කරන බවය.

බැංකොක්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS