වියට්නාමය තවමත් අනතුරේ



චීනයෙන් වයිරසය ලොව පුරා ව්‍යාප්ත වෙද්දී, පළමුවෙන් ම ආසාදිතයන් හමුවුණු රටවල් අතරින් එකක් ලෙස වියට්නාමය සැලකෙයි. අඩු පහසුකම් මධ්‍යයේ වුවත්, බෞද්ධ රාජ්‍ය්‍යක් වන වියට්නාමය, එම වයිරස රැල්ල පාලනය කර ගැනීමට සමත් විය.

වියට්නාම් රජය, සෞඛ්‍ය අංශ සහ ජනතාව වයිරසය පිළිබඳ හොඳින් දැනුවත් විය. දින 100 යනතුරු කිසිදු ආසාදිතයකු වියට්නාම සමාජයෙන් වාර්තා නොවිණි. කෙසේ නමුත් පසුගිය සතියේ යළිත් වරක් වියට්නාමයෙන් දෙවැනි රැල්ලක් හිස එසවීය.

දෙවැනි වයිරස රැල්ල ආරම්භ වූයේ වියට්නාමයේ ඩනැංග් නමැති වෙරළාශ්‍රිත නගරයෙනි. මෙය සංචාරක නගරයකි. නගරයේ සෑම කෙනකුම වයිරස පරීක්ෂණවලට ලක් කිරීමට පියවර ගෙන තිබේ. පසුගිය දිනවල ඩනැංග් නගරයට වියට්නාමයේ නන්දෙසින් ආ පිරිස 8,000 කට වැඩිය. මොවුන් සෑම කෙනකුම වයිරස පරීක්ෂාවට ලක් කරන බව ද පැවැසෙයි. වියට්නාමයේ සමස්ත ආසාදිතයන් ගණන 590 කි. වාසනාවට තවමත් මරණ කිසිවක් වාර්තා වී නැත.

(රොයිටර්)


RECOMMEND POSTS