විපක්ෂයට ජනපතිවරණය තහනම්



ලබන 2018 වසරේ දී පැවැත්වීමට නියමිත වෙනිසියුලා ජනාධිපතිවරණයට එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහභාගී විය නොහැකි බව ජනාධිපති නිකලස් මදුරෝ කියයි.

වෙනිසියුලා නගරසභා මැතිවරණය ඊයේ (10) පැවැත්විණි.

විපක්ෂ දේශපාලන පක්ෂ එම මැතිවරණය වර්ජනය කළේය. ඒ අනුව, ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනපතිවරණයට ඉදිරිපත් වීමට ඔවුන්ට අවස්ථාවක් නොලැබෙන බව ජනපති මදුරෝ කියයි.

ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය අහිමි වනු ඇත්තේ ‘යුක්තිය පෙරට’, ‘ජන හඬ’, ‘ප්‍රජාතන්ක්‍රවාදී බලවේගය’ යන දේශපාලන පක්ෂවලට යැයි ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS