විපක්ෂ ක්‍රියාකාරීහු දහසක් පොලිස් අත්අඩංගුවේ



රුසියාවේ විපක්ෂ ක්‍රියාකාරී ඇලෙක්සෙයි නවාල්නි නිදහස් කරන්නැයි ඉල්ලමින් මොස්කව් ඇතුළු රටපුරා නගරවල පැවැති විරෝධතාවලට 1,000 කට වඩා වැඩි පිරිසක් අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ.

විෂ ශරීර ගත වීමේ මාස ගණනාවක් ජර්මනියේ නැවැතී ප්‍රතිකාර ලැබූ ඇලෙක්සෙයි නවාල්නි ඉකුත් දා නැවත රුසියාවට පැමිණියේ ය. එම අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට පත්විය.

නවාල්නිට විස ලබාදීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු එරට ආණ්ඩුවට චෝදනා එල්ල විය. රුසියානු ආණ්ඩුව එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

නවාල්නි රුසියානු ජනාධිපති සහ ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරන්නෙකි. ඔහු නිදහස් කරන්නැයි ඉල්ලමින් පැවැති විරෝධතාවල දී 1,009 දෙනකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි ‘ඕ.වී.ඩී.-ඉන්ෆෝ’ නිරීක්ෂණ සංවිධානය සඳහන් කළේය. මොස්කව් නුවරදී පමණක් අත්අඩංගුවට පත්ව ඇති ගණන 142කි.

මොස්කව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS