විනිසුරුවරයෙක් ඇමති තනතුරට



බ්‍රසීලයේ  විනිසුරුවරයෙකු වන සර්ජියෝ මෝරෝ නව අධිකරණ අමාත්‍යවරයා වශයෙන් පත් කර තිබේ. 

ප්‍රමුඛ පෙලේ දූෂණ විරෝධි විනිසුරුවරයෙකු ලෙස සැලකෙන සර්ජියෝ මෝරෝ එරට අධිකරණ හා මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් පත් කර ඇත්තේ අන්ත දක්ෂිනාංශික නව ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ විසිනි.

ජනාධිපතිවරයා සහ සර්ජියෝ මෝරෝ රියෝද ජනෙයිරෝ හිදී හමුවී නව තනතුර භාරගෙන තිබේ.

දූෂණ චෝදනා සම්බන්ධයෙන් ලබාදුන් නඩු තීන්දු කිහිපයක් හේතුවෙන් සර්ජියෝ මෝරෝ බ්‍රසීලයේ වැඩි අවධානයට ලක් වු අයෙකු වෙයි. 

( තිළිණි ද සිල්වා )

කලීජ් ටයිම්ස්


RECOMMEND POSTS