විදේශවල කොරෝනා ආසාදිතයන් ඉහළට



චීනයෙන් පිට විදේශවල කොරෝනා වයිරසය ආසාදිතයන් ගණන දිනෙන් දින ඉහළ යන බව වාර්තා වේ. ඇමෙරිකාව නිවේදනය කළේ ඊයේ (2) වනවිට රුට කොරෝනා ආසාදිතයන් 11 දෙනකු සිටින බවය.

චීනයේ සිට පැමිණියෙන කිසිවකු ඇමෙරිකාවට සෘජුව ඇතුළුවීමට ඉඩ නොදෙන බවත්, ඔවුන් සියල්ලන්ම නිරෝධායන ක්‍රියාවලියකට යොමු කෙරෙන බවත් ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත.

ඊයේ (2) වෙද්දී, වියට්නාමයේ කොරෝනා වයිරස ආසාදිතයන් ගණන 8 දක්වා ඉහළ ගියේය.

ජපානයෙන් කොරෝනා ආසාදිතයන් 20 දෙනකු, තායිලන්තයෙන් 19 දෙනකු, සිංගප්පූරුවෙන් 18 දෙනකු, හොංකොං රාජ්‍යයෙන් 15 දෙනකු, දකුණු කොරියාවෙන් 15 දෙනකු, ඔස්ටේලියාවෙන් 12 දෙනකු, ජර්මනියෙන් 10 දෙනකු ආදී වශයෙන් වයිරසය විදේශවල ව්‍යාප්ත වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

හැනොයිහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS