වැලි කුණාටුව කළ හදිය



ඉන්දියාවේ රාජස්ථාන ප්‍රාන්තයේ පළාත් කිහිපයක් හරහා ඊයේ (3) හමාගිය ප්‍රචණ්ඩ වැලි කුණාටුවෙන් පුද්ගලයන් සියයකට ආසන්න පිරිසක් මියගොස් ඇති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

නිවාස සහ ගොඩනැගිලි රැසකට ද වැලි කුණාටුවෙන් හානි සිදුවී ඇත. රාජස්ථානයේ ගොවිපොල රැසකට ද වැලි කුණාටුවෙන් හානි සිදුවී ඇති අතර, ගොවිපොල සතුන් 50 කට වැඩි සංඛන්‍ාවක් ද මියගොස් ඇතැයි ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙයි.

වැලි කුණාටුව කඩා වැදුණේ අල්වාර්, චෝල්පූර් සහ භාරත්පූර් යන දිස්ත්‍රික්කවලටය. අල්වාර් දිස්ත්‍රික්කය පිහිටා ඇත්තේ දිල්ලියේ සිට කිලෝ මීටර් 164 ක් දුරිනි. වැලි කුණාටුව හේතුවෙන් අල්වාර් දිස්ත්‍රික්කයේ විදුලිබල සැපැයුම මුළුමනින්ම ඇණහිටියේය. වැලි කුණාටුවෙන් දරුණු හානි සිදුවී ඇත්තේ රාජස්ථානයේ අල්වාර් සහ භාරත්පූර් නමැති දිස්ත්‍රික්කවලටය.

මේ අතර, වැලි කුණාටුව හේතුවෙන් විපතට පත්වූවන් ගැන සොයා බලා අවශ්‍ය ආධාර කඩිනමින් ලබා දෙන්නැයි රාජස්ථාන මහ ඇමැති වසුන්දාරා රාජේ අදාල බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS