වාර්තාකාරිනියට ලිංගික හිරිහැර



රුසියාවේ පැවැත්වෙන පා පන්දු ලෝක කුසලාන තරගාවලියට එක් වී සිටින ස්පාඤ්ඤ පුවත් නාළිකාවක ක්‍රීඩා පුවත් වාර්තාකාරිණියකට ලිංගික හිරිහැරයක් සිදුවී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මෙම අකරතැබ්බට මුහුණ දී ඇත්තේ, ස්පාඤ්ඤයේ ‘ඩුඞ්ෂේ වෙල්’ නමැති පුවත් නාළිකාවේ ක්‍රීඩා පුවත් වාර්තාකාරිනියක වන ජුලියෙත් ගොන්සාලේස්ය.

පසුගිය සිකුරාදා ජුලියෙත් සරන්ක්ස් නුවර ක්‍රීඩාංගනයේ පැවැත්වුණු පා පන්දු තරගාවලිය අතරතුරේ සජීවී පුවත් ඉදිරිපත් කළාය. ඇය ක්‍රීඩාගාරයේ නරඹන්නන් අතර ඇවිද යමින්, ඔවුන්ගෙන් අදහස් විමසීමක් ද කළාය. සියල්ල ‘ඩුඞ්ෂේ වෙල්’ නාළිකාව සජීවී ලෙස විකාශය කරන්න විය.

නරඹන්නන් අතරේ සිටි එක් පා පන්දු ලෝලයකුගෙන් අදහස් විමසන්න යද්දී, ඔහු ඇය වෙත කඩා පැන, ඇගේ විරෝධය මැද, ඇය බදාගෙන දෙතොල් සිපගත්තේය. හාදුව දුන් තැනැත්තා පසුව එතැනින් වහා පිටවී ගිය බව ද පැවැසෙයි. එත තැනැත්තා රුසියානු පා පන්දු ලෝලියකු යැයි ‘ඩුඞ්ෂේ වෙල්’ නාළිකාව පවසා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS