වායු දූෂණ නගර වැඩිම නගර ඉන්දියාවේ



ලොව වායු දූෂණය වැඩිම නගර 20 අතරට ඉන්දියාවේ නගර 14 ක් අයත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එම වාර්තාවට අනුව ලොව දූෂිතම වායු සහිත නගරය වන්නේ ඉන්දියාවේ කාන්පූර් නගරයයි.

ඒ අනුව ෆරීඩාබාද් , වාරණාසී , ගයා , පැට්නා , දිල්ලි , ලක්නව් , අග්‍රා , මුසාෆර්පූර් ,  ශ්‍රී නගර් ,ගර්ගැඔන් , ජායිපූර් , පටියාලා , ජෝද්පූර් යන නගර ලොව වැඩිම වායු දූෂණයට ලක්ව ඇති සෙසු ඉන්දීය නගර ලෙස සැලකේ.

වායු දූෂණයේ බලපෑමෙන් ඉන්දියාවේ වාර්ෂිකව මියයන පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 1 .1 කි.

මෙම වාර්තාව නිකුත්කිරීමට පදනම් වූයේ ,  2016 වසරේ නිකුත් කළ දත්ත බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ ය.

( තිළිණි ද සිල්වා )

ඉන්දියන් ඒක්ස්ප්‍රස්


RECOMMEND POSTS