වසර 30 කට පසුව හිමාල කඳුවැටිය පෙනිලා



‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තිය නැවැත්වීමට ඉන්දියාව දින 21 ක කාලයක් සඳහා සම්පූර්ණයෙන් වසා දැමීමත්, ඉන්දියාවේ වායු දූෂණය වේගයෙන් අඩුවීමත් සමඟ වසර 30 කට පසු පන්ජාබයේ වැසියන්ට කිලෝ මීටර් 125 ක් දුරින් පිහිටි හිමාලය කඳු වැටිය ඉතා පැහැදිලිව දකින්න ලැබෙන බව පැවැසෙයි.

අඩි 24,000 ක් උසැති හිමාල කඳු වැටිය පැහැදිලිව දකින්න ලැබෙන්නේ පන්ජාබයේ ජලන්දාර් දිස්ත්‍රික්කයේ වැසියන්ට යැයි ද පැවැසෙයි. ලොව උසින් වැඩිම එවසර්ට් ශිඛරය ඇත්තේ ද මෙම හිමාලය කඳු වැටියේය.

බිලියන 1.3 ක පමණ ජනහනයක් වෙසෙන ඉන්දියාවේ වායු දූෂණය ඉතා ඉහළ අගයක් ගනී. ඒ, කර්මාන්තශාලා සහ මාර්ගවල පිරුණු මෝටර් රථ හේතුවෙනි. දින 21 ක කාලයක් ‘ලොක්ඩවුන්’ කිරීමත්, ඉන්දියානුවන් නිවෙස්වලට සීමාවීමත් සමඟ වායු දූෂණය ඉතා වේගයෙන් පහළ වැටී ඇත.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS