වයිරස සැකකරුවන් වෙනම කඳවුරකට



නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සැක කෙරන වූහාන් නුවර වැසියන් හැමෝම බලහත්කාරයෙන් නිරෝධායන කඳවුරකට යොමු කරන්නැයි චීන මධ්‍යම රජය අණ දී ඇත.

වූහාන් යනු මිලියන ක් ජීවත් වන නගරයකි. වයිරසය ආසාදිත වූවන්ගෙන් වූහාන් නුවර සියලුම රෝහල් පිරී ඇති අතර, චීන මධ්‍යම රජය මැදිහත් වී නව රෝහල් ඉදි කිරීමට ද පියවර ගෙන ඇත.

රෝගය ව්‍යාප්ත වෙද්දී, වූහාන් බලධාරීන් නගර වැසියන්ට පැවැසුවේ නිවෙස් තුළට වී සිටින ලෙසය. මේ වනවිට චීන මධ්‍යම රජයේ අණ සැලකිල්ලට ගනිමින්, නිවෙස්වලට බලෙන් ඇතුවෙමින්, වයිරසය ආසාදනය වී ඇතැයි සැක කෙරෙන සියලු දෙනා කඳවුරු වෙත රැගෙන යමින් සිටින බව විදෙස් පුවත් සේවා පවසා තිබේ.

වූහාන් නුවරදීය (ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS