වයිරස දත්ත හංගන්න එපා



චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වී, ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් දත්ත නොසඟවා තමන්ට දන්වන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය  ඉල්ලීමක් කර ඇත.

ඇතැම් රටවල් වයිරසය පැතිරීම සම්බන්ධයෙන් දත්ත ප්‍රසිද්ධියට පත් නොකරන බවත් ඔවුන් එසේ කරන්නේ, සමාජීය, දේශපාලනික සහ ආර්ථික කරුණු කාරණා සැලකිල්ලට ගනිමින් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඩොනොම් ගෙබ්‍රයිසිස් පවසා තිබේ. ඒ, ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

ජිනීවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS