ලොම්බාර්ඩි ප්‍රදේශයට සීමා පැනවෙයි



ඉතාලියේ ලොම්බාර්ඩි ප්‍රදේශයට නැවතත් නව කොරෝනා වයිරසය පැතිර යෑමේ සීමා පනවා ඇත.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පැතිර යෑමේ යුරෝපයේ මුල්ම කේන්ද්‍රස්ථානයට බවට පත්වූයේ ඉතාලියේ ලොම්බාර්ඩි ප්‍රදේශයයි.

මෙම කලාපය තුළ නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් ඇති වී තිබෙන අතර ඒ හේතුවෙන් නව සීමා පැනවීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව පසුගිය දා මධ්‍යම රාත්‍රියේ සිට බීමහල් වසා දමන්නැයි එරට බලධාරීන් නියෝග කර ඇත.

මෙම ප්‍රදේශයේ උතුරු ඉතාලියේ පිහිටි ධනවත් කලාපයක් ලෙස සැලකෙන අතර ක්‍රීඩා ඉසව් ද නවතා දමන්නැයි ද බලධාරීන් ඒවායේ සංවිධායකයන්ට උපදෙස් දී ඇත.

යුරෝපයෙන් මුල්වරට නව කොරෝනා වයිරස ආසාදිතයන් හඳුනා ගැනුණේ මෙම ප්‍රදේශයෙනි. ඒ ඉකුත් පෙබරවාරි මාසයේ දී ය.

නව සීමා ලබන මස 6 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර බීමහල්වල සේවය සැපයිය හැක්කේ පස්වරු 6 වනතෙක් පමණි. ඉන් අනතුරුව රැගෙන යෑමට මත්පැන් අලෙවිය තහනම් වන අතර මේසවල සිටින අයට පමණක් අලෙවි කළ හැකි ය.

ලොම්බාර්ඩි යනු ඉතාලියේ ජනාකීර්ණම ප්‍රදේශයකි. නව නීති අනුව පොදු ස්ථානවල ආහාර ගැනීම තහනම් ය.                                                                                                                           

ලෝ ප්‍රකට මිලාන් නගරය පිහිටා ඇත්තේ ලොම්බාර්ඩි ප්‍රදේශයේ ය.

(රොයිටර්)

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS