ලොකුම නැව සූවස් ඇලෙන් යයි



ලොව විශාලතම බහාලුම් නෞකාව සූවස් ඇල හරාහා පසුගිය සිකුරාදා (අගෝස්තු 09) යාත්‍රා කර ඇති බව වාර්තා වේ.

ස්විට්සර්ලන්ත මධ්‍යධරණි නැව් සමාගමට අයත් නෞකාව මීටර් හාරසීයක(400) දිගින් යුත්ත වන අතර බහාලුම් විසි තුන්දහසකට (23,000)වඩා වැඩි සංඛ්‍යාවක් එකවර ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතියි.

2017 වර්ෂය තුල සමාගම මෙවැනි නෞකා එකොළහක් (11) සාදා ඇති අතර සූවස් ඇල හරහා පෙරදිග සහ වයඹ දිග යුරෝපය අතර මෙහෙයුම් සඳහා එම නෞකා යෙදා ගන්නා බව සූවස් ඇල අධිකාරියේ ප්‍රධානී, මොහබ් මාමිෂ් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්)

RECOMMEND POSTS