ලූලා ද සිල්වා වසර 9 ක් හිරේ



දූෂණ වංචා චෝදනාවලට වරදකරුවුණු බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වාට වසර 9 1/2 ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් නියෝග කර ඇත.

බලයේ සිටිද්දී බලතල අයථා ලෙස භාවිතා කළේ යැයි ලූලා ද සිල්වාට චෝදනා රැසක් එල්ල වී ඇත. ඔහු වරදකරු වූයේ පළමු චෝදනා පහ සම්බන්ධයෙන් පමණක් යැයි ද වාර්තා වේ.

තමන් කිසිදු වරදක් සිදු කර නොමැති බවත්, එල්ල වී ඇති චෝදනා දේශපාලන පළිගැනීමක් බවත් ලූලා ද සිල්වා පවසා ඇත. ලූලා ද සිල්වාට ඇති ප්‍රධාන චෝදනාව වන්නේ රජයේ පෙට්‍රා්බාස් නමැති තෙල් සමාගම සම්බන්ධවය. තෙල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් සුඛෝපබෝගී නවාතැනක් ලබා ගත් බවට හිටපු ජනපතිට චෝදනා එල්ල වී ඇත.

ලූලා ද සිල්වා 2011 වසරේ සිට වසර 8 ක් බ්‍රසීල ජනාධිපති ධුරය හෙබවීය. ලූලා ද සිල්වා නියෝජනය කරන්නේ වාමාංශික කම්කරු පක්ෂයයි. ලබන වසරේ බ්‍රසීලයේ පැවැත්වීමට නියමිත බ්‍රසීල ජනාධිපතිවරණයට ද තමන් ඉදිරිපත් වීමට සූදානම් වෙනවා යැයි ලූලා ද සිල්වා පවසා තිබුණි.

(රොයිටර්)


RECOMMEND POSTS