ලන්ඩන් සමරිසි අභිමානය



සිය අයිතිය කියා පාමින් පසුගිය 8 දා මධ්‍යාහ්නයේ ගමන් ගත් 'ලන්ඩන් අභිමානය' (Pride in London) 'සමරිසියන්ගේ' යෝධ පාගමනට දශ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් එක්ව සිටියහ.

මෙය ලන්ඩන් සමරිසි පාගමනේ 45 වැනි වැනි සංවත්සරයයි.මෙවර සංවත්සරය උදාවූයේ සමලිංගික සබඳතා සාපරාධී වරදක් නොවන බව වේල්සය සහ එංගලන්තය විසින් නීතිගත කරනු ලැබීමට වසර පනහක් පිරීමත් සමඟයි

ලන්ඩන් නගරය මධ්‍යයේ පිහිටි 'පෝට්ලන්ඩ්' පෙදෙසින් (Portland Place) ආරම්භ වූ සමරිසි පාගමන ඔක්ස්ෆර්ඩ් සහ රීජන්ට් වීදි ඔස්සේ ට්‍රෆල්ගාර් චතුරශ්‍රය කරා පෙරට ඇදුණි.මෙවර සමරිසි පාගමන නිමිත්තෙන් වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු මන්දිරය අලංකාර විදුලි බුබුළු යොදා ගනිමින් පසුගිය සිකුරාදා (ජූලි 07) රාත්‍රියේ පටන් දේදුනු හැඩයෙන් වර්ණවත් කර තිබුණි.

සමරිසියන් වෙනුවෙන් වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු මන්දිරය දේදුනු පැහැයෙන් වර්ණවත් කරන ලද පළමු වතාව මෙයයිවෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු මන්දිරය පමණක් නොව ලන්ඩන් නගරයේ උමං දුම්රිය පොළවල් සහ වෙළෙඳ මධ්‍යස්ථාන ආදියත් අද දිනය තුළ සමරිසි දේදුනු ධජ පතාක ,විවිධ අලංකාර පෝස්ටර් සහ වෙනත් සංකේත මගින් අලංකාර කර තිබෙනු දක්නට ලැබෙයි.

සමරිසි අභිමානය නැරඹීමට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් රැස් වූ අතර එහි අවසානය තෙක්ම සංගීතයෙන් ,විවිධ වර්ණයෙන් මෙන්ම අලංකාර දර්ශන මගින් පාගමන අලංකාර විය.

1972 වසරේ ආරම්භ කෙරුණ පළමු 'ලන්ඩන් අභිමානය' (Pride in London) පාගමනට සහභාගී වී ඇත්තේ දෙදාහක් තරම් සුළු සංඛ්‍යාවක් පමණි.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS