ලන්ඩන් ප්‍රහාරකයා ඉංග්‍රීසි ගුරුවරයෙක්



ලන්ඩන් නුවර ප්‍රහාරය සිදු කළ ත්‍රස්තවාදියා සෞදියේ අධ්‍යාපන ආයතනයක ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස රැකියාව කර ඇතැයි බ්‍රිතාන්‍ය බුද්ධි අංශ පවසයි.

කලීඞ් මසූඞ් නමැති 52 හැවිරිදි ත්‍රස්තවාදියා, බ්‍රිතාන්‍යයේ කෙන්ට් පළාතේ උපන් අයෙකි. ඔහු කලීඞ් මසූඞ් යනුවෙන් නම වෙනස් කර ඇත්තේ ඉස්ලාම් දහම වැළැඳ ගැනීමෙන් පසුවය.

ඔහු ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සෞදියට ගොස් ඇත්තේ 2005 වසරේදීය. 2009 දී ඔහු යළි බ්‍රිතාන්‍යයට පැමිණ ලන්ඩනයේ  ‘ටෙෆෙල්’ උසස් පාසලේ ද ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස කටයුතු කර ඇතැයි බුද්ධි අංශ අනාවරණය කර තිබේ.

කලීඞ් මසූඞ් මෝටර් රියක් පදවමින්, වෙස්ට්මිනිස්ටර් පාලම දිගේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට කඩා වැදීමට පැමිණියේ දකින දකින කෙනාට වෙඩි තබමින් සහ පදිකයන් මෝටර් රථයෙන් යට කරමිනි.

පසුගිය 22 වැනිදා සිදුවුණු එම ප්‍රහාරයෙන් 50 කට ආසන්න පිරිසක් තුවාල ලැබූ අතර, පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. දයේෂ් තක්රීෆ් හෙවත් අයි.එස්. ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම බාර ගත්තේය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS