ලන්ඩනයේ ට්‍රම්ප්ගේ ඉටි රූපයක්



ඇමෙරිකාවේ 45 වැනි ජනපති ධුරයට පත්වන ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ඉටි රූපයක් බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර මැඩම් තුසූඞ්ස් ඉටි රූප කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

ලන්ඩන් නුවර සුප්‍රකට ලන්ඩන් නුවර මැඩම් තුසූඞ්ස් කෞතුකාගාරයේ ඇමෙරිකන් ජනපතිගේ ඉටිරූපයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. 2009 වසරේ සිට මේ දක්වා එහි ප්‍රදර්ශනයට තබා තිබුණේ බැරැක් ඔබාමාගේ රූපයයි. 

ඔබාමා ධුරයෙන් ඉවත්වීමත් සමඟ ඔබාමාගේ ඉටි රූපය ද ඉවත් කෙරුණු අතර ඒ වෙනුවට ට්‍රම්ප්ගේ රුව එතැන ප්‍රදර්ශනයට තැබුණු බව බි්‍රතාන්‍ය පුවත් සේවා ඊයේ වාර්තා කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS