රුසියාවේ පළමු කොරෝනා රෝගියා සුවයි



රුසියාවෙන් පළමුවෙන් වාර්තා වූ කොරෝනා වයිරස රෝගියා සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව එරට සෞඛ්‍ය අමත්‍යාංශය නිවේදනය කළේය.

මෙම රෝගියා චීන ජාතිකයෙකි. මොහු නිරෝධායනය කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නේ රුසියාවට අයත් සර්බියාවේ චිටා නුවර රෝහලේය.

මීට අමතරව රුසියාවෙන් හමුවුණු දෙවැනි කොරෝනා වයිරස රෝගියාගේ රෝගී තත්ත්වය ද යහපත් බව රැසියානු සෞඛ්‍ය අමත්‍යාංය වැඩිදුරටත් පවසා තිබේ.

මොස්කව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS