රුසියාවේ ආසාදිතයන් හිටිහැටියේ ඉහළ යයි



රුසියාවේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව කෙමෙන් ඉහළ යමින් ඇතැයි වාර්තා වේ.

ගතවුණු පැය 24 ආසාදිතයෝ 1,175 ක් සොයා ගත් බව රුසියානු සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති. ඒ, රුසියානු රජය මේ වනවිට එරට සෑම කෙනකුම වයිරස පරීක්ෂණයට යොමු කරමින් සිටින බැවිනි.

රුසියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 8,672 කි. මරණ සංඛ්‍යාව මේ වනවිට 63 දක්වා ඉහළ ගොස් ඇති බව පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS