රුසියාවට ආදරෙයි



ලෝක කුසලාන පා පන්දු කුසලානය තරගාවලිය රුසියාවේ පැවැත්වීම සම්බන්ධයෙන් ලෝක පා පන්දු සම්මේලනයේ සභාපති ජියානී ඉන්ෆැනීටෝ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට සුබ පතා ඇත.

ජියානී ඉන්ෆැනීටෝ රුසියානු ජනපි පුටින්ට සුබ පතා ඇත්තේ, පුටින් යන නම සටහන් කළ පා පන්දු ටී ෂර්ටයක් ද සමරු තිළිණයක් ලෙස පුටින්ට පිරිනමමිනි. මෙම අවස්ථාවට විශ්‍රාම ගිය පා පන්දු ශූරයෝ රැසක් ද එක් වී සිටියහ.

රුසියාව සහ ජනාධිපති පුටින් දෙස බොහෝ දෙනා වැරදි ආකල්පයකින් පසුවන බවත්, පුටින්ගේ නායකත්වය යටතේ රුසියාවට කවුරුත් ආදරයට කරනවා යැයි ද ජියානී ඉන්ෆැනීටෝ මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

(රොයිටර්)

 


RECOMMEND POSTS