රුසියා ජනාධිපතිවරුන්ට එරෙහිව නඩු පවරන්න බෑ



අපරාධ චෝදනා සම්බන්ධයෙන්, රුසියන් ජනාධිපතිවරයාට එරෙහිව නීති මගින් ක්‍රියා කළ නොහැකි යැයි පෙන්වා දෙමින් සකස් කළ පනත් කෙටුම්පතක් රුසියන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ ඊට අනුමැතිය හිමිවිය.

පනත් කෙටුම්පතට අනුමැතිය හිමිවූයේ රුසියන් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙනි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හැඳින්වෙන්නේ ‘ඩූමා’ සභාව යනුවෙනි. රුසියන් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පමණක් නොව, ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ ද බහුතර බලය ඇත්තේ ජනාධිපති පුටින්ගේ ‘එක්සත් රුසියා’ පක්ෂය සතුවය.

68 හැවිරිදි පුටින්, 2024 තෙක් රුසියාවේ ජනාධිපති ධුරය හෙබවීමට සූදානම් වෙයි. ඒ, සඳහා ඔහු අවශ්‍ය ව්‍යවස්ථාමය අනුමැතිය පවා ලබා ගෙන අවසන්ය. පුටින් බලයේ රැදී සිටින්නේ 2000 වසරේ සිටය. 2024 දී ධුර කාලය අවසන් වුණත්, තවත් ධුර කාල දෙකක් සඳහා තරග කිරීමට රුසියන් ව්‍යවස්ථාන අනුව, පුටින්ට හැකිවෙයි.

මොස්කව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS