රියෝ දි ජැනයිරෝ සැණකෙලිය ඇරඹෙයි



බ්‍රසීලයේ රියෝ දි ජැනයිරෝ සැණකෙළිය පසුගියදා නිල වශයෙන් ආරම්භ වුණි.එය නැරඹීමට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්වනු ඇති බවට පැවසෙයි.

පුරාවෘත්ත වල එන චරිතයක් වන මිසරුලේහි රෙයි මොමෝ රජුගේ වෙත සංකේතාත්මක යතුර ලබාදීමෙන් රියෝ සැණකෙළිය නිල වශයෙන් ආරම්භ වුණි.

පුරාවෘත්තයන්හි දැක්වෙන රෙයි මොමෝ රජු වෙත මෙවර ද රියෝ සැණකෙළියේ වැඩි අවධානයක් හිමිවුණි.

බ්‍රසීලයේ වඩාත්ම ජනප්‍රිය සැණකෙළිය වන්නේ රියෝ දි ජෙනයිරෝ සැණකෙළියයි.රියෝහි සැල්වදෝර් සහ රෙසිෆේ නගර කේන්ද්‍ර කරගෙන සැණකෙළිය පැවැත්වෙන අතර ලබන සතියේ බදාදා දක්වා එය පැවැත්වීමට නියමිතය.

වර්ණවත් සහ විසිතුරු ඇදුම් විලාසිතා එක්වන මේ උත්සවය නැරඹීම සඳහා ලොව පුරා සංචාරකයන් දහස් සංඛ්‍යාත පිරිසක්ද එක්වන බව විදෙස් වාර්තා පවසා සිටියි

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS