රිපබ්ලිකන් දේශපාලනඥයකුට වෙඩි



ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂ දේශපාලනඥයකු සහ ඔහුගේ ආධාරකරුවන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

වෙඩි තැබීම කළ තැනැත්තා අත්අඩංගුවට ගත් බවත් වෙඩි තැබීමේ සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන බවත් වොෂින්ටන් අගනුවර ඇලෙක්සැන්ඩි්‍රයා පොලිසිය කියයි.

වෙඩි ප්‍රහාරයට ලක් වී ඇත්තේ ස්ටීව් කැලිස් සහ ඔහුගේ ආධාරකරුවන්ටය. ස්ටීව් කැලිස් රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ චරිතයකි. ඔහු කඩිනමින් රෝහල් ගත කෙරුණු බව වාර්තා වේ.

ස්ටීව් කැලිස් වෙඩි ප්‍රහාරයට ලක් වූයේ බේස් බෝල් තරඟයක් නරඹමින් සිටිද්දීය. තුවක්කුකරු ඔහු ඉදිරියට පැමිණ වෙඩි තැබූ බව සිද්ධිය දුටුවෝ කියති.

(බී.බී.සී.)


RECOMMEND POSTS