රැජිනට සුබ උපන් දිනයක්



බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජින අද (21) සිය 92 වැනි උපන් දින සමරන්නීය.

දෙවැනි එලිසබත් මහ රැජින උපත ලබා ඇත්තේ 1926 වසරේ අප්‍රේල් 21 වැනිදාය. ඇගේ වල්ලභයා පිලිප් මවුන්ට්බැටන් කුමරු වන අතර මහ රැජිනය දරු දැරියන් සිවු දෙනෙකි.

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල නායිකාව ලෙස කටයුතු කරන්නේ ද රැජිනය. කෙසේ නමුත් ඇය, ඇය වෙනුවට පුතු චාල්ස් ඒ සඳහා සුදුසු යැයි නම් කර ඇති අතර පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවලින් ඊට අනුමැතිය ද හිමි වී ඇත. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පසුගිය දා ලන්ඩනයේ දී පැවැත්විණි.

(බී.බී.සී.)


RECOMMEND POSTS