රැජින අත්හරින්න සූදානම්



දෙවැනි එලිසබත් මහ රැුජින අත්හැර, ජනරජයක් බවට පත් වීමට, බාබඩෝස් දූපත් රාජ්‍යය සූදානම් වෙයි.

බාබඩෝස් අග‍්‍රාමාත්‍යවරිය මීයා මොටෙලි පවසා ඇත්තේ, ලබන 2021 දී දෙවැනි එලිසබත් මහ රැජින රාජ්‍ය නායිකාව ලෙස පිළිනොගන්නා බවත්, බාබඩෝස් වැසියන් වෙනුවෙන් බාබඩෝස් නායකයකු පත් කර ගැනීමට කටයුතු කරන බවය.

බාබඩෝස් කැරිබියානු දූපත් රාජ්‍යයකි. අතීතයේ බි‍්‍රතාන්‍ය යටත් විජිතයකි. ලබන 2021 වසර වෙද්දී, බාබඩෝස් බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලබා වසර 55 ක් සපිරෙයි.

බි‍්‍රජ්ටවුන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS